ජාත්‍යන්තරයෙන් පාතාලයට රතු නිවේදන

March 10, 2024 - 11:35 PM
අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව මේ වන විට ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලීසිය පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තවත් හදුනාගත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගැනීමට නියමිත බවයි.
(lknews.lk)