විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 5කට රතු බිල්

December 03, 2023 - 1:29 PM
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ හෙළි කර තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ, මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් නිකුත් නොකළ බවයි.

මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් ප්‍රතිපූර්ණ නොකරන නිසා ඒ ඒ විදුලි කලාපවලට අභිමත පරිදි ආදායම් එක්රැස් කර ගැනීමට උපදෙස් දී තිබෙන බව සඳහන්.

ඒ හේතුවෙන් මාසයක් තුළ බිල් නොගෙවන අයට ද රතු බිල් යැවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සෑම මොහොතකම ලක්‍ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලිය සිඳලීමට සිදුව තිබෙන බවත් ඉංජිනේරුවෝ සඳහන් කළා.
(lknews.lk)