බදු ෆයිල් විවෘත නොකරන්නන්ට රතු එළි

January 02, 2024 - 2:52 PM
රුපියල් ලක්ෂයකට වැඩි ඉහළ ආදායමක් ලබන්නන්, වාහන ලියාපදිංචි කිරීමේදී, ආදායම් බලපත්‍ර ගැනීමේදී සහ දේපළ මිලදී ගැනිමේදී බදු ගොනුවක් විවෘත කිරීමේ තීරණයට අනුකූල නොවන අයෙකුට රුපියල් 50,000 නොඉක්මවූ දඩ මුදලක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දේශීය ආදායම් පනතේ 177 වෙනි වගන්තියේද ඒ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්‍රකාශ කළේ එම බදුගොනු විවෘත කිරීමේ තීරණය ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට පැවතියද එය තවත් මාසයකින් පමණ කල් දමන බවයි.

එමෙන්ම මෙම දඩ මුදල් අයකිරීමේ තීරණය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඒ සදහා නීති සකස් කිරීමට අවධානය යොමුව ඇති බවත් රජයේ උසස් නිලධාරියෙකු සදහන් කළා.
(lknews.lk)