මුහුදු යන අයට රතු එළි

September 30, 2024 - 12:24 PM
දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරතවීමේදී සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සමඟ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(lknews.lk)