ලංකා ප්‍රිමියර් ලීග් සඳහා ලියාපදිංචිය අරඹයි

April 11, 2024 - 5:41 PM
මේ වසරේ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා.
 
ඒ අනුව විදේශීය ක්‍රීඩකයින්ට සහ හිටපු ක්‍රීඩකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට හිටපු ක්‍රිඩකයින්ද මේ සඳහා සහභාගිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි විය යුතු බව සඳහන්.

මේ සඳහා සහභාගී වන ක්‍රීඩකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අප්‍රේල් 26 වැනිදා පස්වරු 12.00ට පෙර ලියාපදිංචි විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජූලි 1දා ආරම්භ වීමට නියමිතයි.
 
(lknews.lk)