ප්‍රවාහන සේවා ගාස්තු නියාමනයත් ජාතික ගමනාගමන කොමිසමට

January 03, 2024 - 8:50 AM
දුම්රිය, ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු ඇතුලු ප්‍රවාහන ක්‍ෂේත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට කොළඹදී ඊයේ (02) එක්වෙමිනුයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.
(lknews.lk)