පලස්තීනයට සහනයක්

October 21, 2023 - 4:47 PM
හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර යුද තත්ත්වයට දින 15ක් සපිරෙනවා.

මේ හේතුවෙන් සිරවී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂීය අධාර රැගත් රථ සඳහා ගාසා තීරයට ඇතුළු වීමට රෆා පිවිසුම මේ වනවිට විවෘත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව රථ 20ක් සඳහා ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායලය අවසර ලබාදී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් එසේ යවා ඇත්තේ ඖෂධ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
LK NEWS