අද සිට පාසල් ළමුන්ට සහනයක්

March 04, 2024 - 11:48 AM
පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කල චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ අද (04) සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති පරිදි  පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම නිසා සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම මත එම චක්‍රලේඛය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළා.
(lknews.lk)