නිල්වලා ගගේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීම හෙට සිට

October 19, 2023 - 9:39 AM
මාතර, පිලදූව ප්‍රදේශයේ ඉදිකර ඇති, ලවණ බාධකය ආසන්නයේ නිල්වලා ගඟේ අතුරු ඇළ මාර්ගයේ ඇති යකඩ පයිල් ඉවත් කිරීම හෙට (20) සිට ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසනවා.

ඔහු පැවසුවේ, මිලියන 7කට ආසන්න මුදලක් ඒ සඳහා වැය වන බවයි.

යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිතයි.
(lknews.lk)