පානීය ජල ගැටළුවට 117 අංකයට දැනුම් දෙන්න

March 15, 2024 - 6:50 PM
පානීය ජල ගැටළු ඇති ප්‍රදේශ වල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදු කරන ලෙස එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටියා.

මේ වන විටත් කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000 කට ආසන්න ප්‍රමාණයක් පානීය ජල ගැටළුවකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)