රටවල් 35ක නියෝජිතයින් අද දිවයිනට

February 17, 2024 - 1:30 PM
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු , නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගිවීම සඳහායි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල්  රැසක කෘෂිකර්ම අමාත්‍යවරුද මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවයි.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 19 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)