සීනි සහ සහල් වැටලීමට පොලිස් සහය ඉල්ලයි

November 28, 2023 - 11:53 AM
පාරිභෝගිකයින්ට අවශ්‍ය සීනි සහ සහල් සඟවා ඇති තැන් වැටලීමට පාරිභෝගික අධිකාරිය විසින් පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ පොලිසියේ සහය ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පොලිස්පතිවරයා මාර්ගයෙන් මෙය සිදු කර තිබුණා.

අදාළ භාණ්ඩ සඟවා ඇති තැන් පිළිබඳව තොරතුරු දන්නේ නම් 1977ට දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(lknews.lk)