ලූණු පරිභෝජනයෙන් වළකින ලෙස ඉල්ලීම්

December 22, 2023 - 12:02 PM
බී ලූණු මාෆියාව මැඩ පැවැත්වීම සඳහා ලූණු පරිභෝජනයෙන් වළකින ලෙස ජාතික කාන්තා එකමුතුව ඉල්ලීමක් කරනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපතිනි කියා සිටියේ මෙහි බලපෑම දැඩිව දැනෙන්නේ ගෘහණියන්ට බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූණු කිලෝවක මිල ඊයේ (21) වන විට රුපියල් 650ත් 700ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)