ඉන්දීය වේගපන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට විවේකයක්

February 21, 2024 - 4:02 PM
එංගලන්තයට එරෙහි ව පැවැත්වෙන සිව් වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වා තිබෙනවා.

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ඔහු විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ එංගලන්තය අතර සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
(lknews.lk)