ඉන්දියාවෙන් බිත්තර ආනයනයට සීමා

March 28, 2024 - 11:17 AM
ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබෙනවා.

ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන්.

බිත්තර මිලියන 4 - 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවා.

එමෙන්ම ඔහු පැවසුවේ, දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවයි.
(lknews.lk)