සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර

January 14, 2024 - 3:29 PM
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සංශෝධනයන් ජනවාරි මස 12 වන දින සිට  ක්‍රියාත්මක වනු ඇති.

ඒ බව මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

රුපියල් ලක්ෂ 05ක් ව පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුවම අය කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර, කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරත වීම සඳහා වන බලපත්‍ර ගාස්තු ද ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම සංශෝධන පිලිබඳ විස්තර පහත පරිදි...
(lknews.lk)