තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධන කරයි

March 13, 2024 - 4:51 PM
පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බවයි.

එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන මාර්තු 19 වනදා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)