සහල් ජාවාරමක් ගැන හෙළිවෙයි
January 10, 2025 - 9:51 AM
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරත වන පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.
ඒ මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර මුදලකට අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර ඇති බවයි.
මෙම සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු මුදලක් ගෙවා ආනයනය කර වැඩි මිලට මෙරට තුළ අලෙවි කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
බාස්මතී සහල් ඕනෑම අවස්ථාවකදී මෙරටට ආනයනය කළ හැකි අතර සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300ට වැඩි බදු මුදලක්ද පනවා තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ මෙරටට පැමිණෙන සහල් තොගවල සාම්පල පරීක්ෂා කිරිමේදී ඒවා බාස්මතී සහල් නොවන බව හඳුනාගත් බවයි.
එමෙන්ම මේ පිළිබඳව පියවර ගැනීම සඳහා බලය පවතින්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews)