සහල් වෙළෙඳුන් රජයෙන් ඉල්ලීමක් කරයි

December 22, 2024 - 3:57 PM
සහල් ආනයනය කිරීමේදි කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අය කරනු ලබන රුපියල් 65ක මුදල අඩු කරන ලෙස සහල් වෙළෙඳුන් රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ආනයනික සහල් මෙරටට ලැබීමත් සමඟ පැවති සහල් හිඟය මඳක් පහව ගියද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ප්‍රමාණවත් ලෙස පරිභෝජනය සඳහා සහල් නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාල සීමාව තුළදී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 4.3ක් සහල් බදු ලෙස අය කරගෙන තිබෙනවා.

එමෙන්ම ප්‍රදේශ කිහිපයක වෙළෙඳුන් සඳහන් කළේ තමන් සතුව දේශීය සහල් යම් ප්‍රමාණයක් තිබුණද ආනයනික සහල් නොමැති බවයි.

(lknews)