රිචඩ් වර්මාගෙන් රජයට ප්‍රශංසා

February 23, 2024 - 5:29 PM
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගනු ලබන පියවර අගය කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා පවසනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (23) පෙරවරුවේ පැවති හමුවේදීයි.

එහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරයා සහ ජනපති විශේෂ සාකච්ඡා කිහිපයක් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
(lknews.lk)