ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙයි

November 23, 2023 - 10:19 AM
ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මෙසේ සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මෙසේ ව්‍යාප්ත වන බවයි ඔහු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ද වෛද්‍යවරයා අවධාරණය කළා.
(lknews.lk)