රෝහල් 100ක් වැසීයාමේ අවදානමක්

November 28, 2023 - 2:15 PM
මේ වන විට දිවයින පුරා ග්‍රාමීය රෝහල් 40ක් වැසී ගොස් ඇති අතර තවත් රෝහල් 100කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමඟ පැවතී සාකච්ජාවකදීයි.

එසේම වැසීයාමට ආසන්න රෝහල්වලට කඩිනමින් වෛද්‍යවරුන් අනුයුක්ත කරන ලෙසට එහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)