දිස්ත්‍රික්ක 10කට තවදුරටත් නායයෑමේ අවදානම්

December 21, 2023 - 10:53 AM

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති අතර එය අද (21) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.