දිස්ත්‍රික්ක 10ක නායයෑමේ අවදානම තවදුරටත්

December 17, 2023 - 1:11 PM
දිස්ත්‍රිික්ක10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම අද (17) පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

මෙලෙස බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික්වලටයි මෙම නායයෑමේ අවදානම නිකුත් කර ඇත්තේ.

මේ අතර උතුර පළාතට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 2,142කට අයත් පුද්ගලයින් 6,719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කිරීම නිසා පහත් බිම් යටවීමෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් මේ වනවිට පවුල් 1,245කට අයත් පුද්ගලයින් 3,959 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
(colombotimes.lk)