වැසි සමඟ නාගරික ප්‍රදේශවල ගංවතුර ඇතිවීමේ අවදානමක්

October 17, 2023 - 9:30 AM
ඇතැම් නාගරික ප්‍රදේශවල ක්ෂණික වැසි ඇති වීමත් සමඟ ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 
 
නාගරික ප්‍රදේශවල ක්ෂණිකව ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් ඒ ආශ්‍රිත ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි   එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ. 
 
මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වයත් සමඟ දිවයිනේ වාරි ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළා.
(lknews.lk)