මෙරට ඉන්ධන බෙදා හැරීමට තවත් සමාගමක්

September 25, 2023 - 9:20 AM
ඇමරිකාවේ Rm Parks ලබන මාසයේ සිට මෙරට ඉන්ධන වෙළඳාමට යෙදීමට නියමිතයි.

ලෝකප්‍රකට ෂෙල් සමාගම යටතේ මෙම Rm Parks ක්‍රියාත්මක වන බව සඳහන්.

ඒ අනුව ලංකාවේ ඉන්ධන බෙදා හරින සිව්වන සමාගම වන්නේ Rm Parks සමාගමයි.

තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150 තුලින් ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් පසුව ඔවුන් විසින් ඉන්ධනහල් 50ක් විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම සියලුම දිස්ත්‍රික්කයන්ට අවම වශයෙන් එක් ඉන්ධනහල බැගින් සහ නාගරික ප්‍රදේශවල බහුවිධ බෙදා හැරීමේ මධ්‍යස්ථාන ආරම්භ කෙරෙන බව සඳහන්.
(lknews.lk)