උතුරු දිග ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර

February 16, 2024 - 11:27 AM
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් උතුරු දිග ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත්තේ, ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් හිස්බුල්ලා නායකයකු මියයෑමේ  සිද්ධියට ප්‍රතිචාර ලෙසයි.

එම රොකට් ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ජය ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
(lknews.lk)