එළඹෙන වසරේදී මෙරට නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් අරඹයි

November 11, 2023 - 11:15 AM
එළඹෙන වසරේදී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මීට අමතරව ක්‍රීඩා සම්මේලනවල පැන නගින ගැටළුවලට කල්තියා විසඳුම් සෙවීම සඳහා එම නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යංශය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවීමටද නියමිතයි.
(lknews.lk)