ඉන්දීය කාණ්ඩායමේ නායකත්වය රෝහිත්ට

February 15, 2024 - 11:31 AM
2024 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දීය නායකත්ව වගකීම රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.

රාජ්කොට්හි පැවති උත්සවයක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ශා විසින් මේ බව කියා සිටියා.

2022 T20 ලෝක කුසලානය සඳහා ද රෝහිත් නායකත්වය ලබා දුන්නා.

ඔහු 2024 ජනවාරි මාසයේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවති T20 තරගාවලියේ වාර්තා කළ ශතකයත් සමඟ 20යි 20 ශතක 05ක් වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා බවට පත් වුණා.
(LKNEWS)