කතරගම මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

December 08, 2023 - 10:59 AM
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ අතුරුදන් වූ රත්‍රන් පවුම් 38ක් බරැති රන් තැටියේ සිද්ධිය සම්බන්ධයෙන්.

එම රත්‍රන් තැටිය පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් සිය දරුවාගේ අපල වෙනුවෙන් පූජා කළ බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාවයි.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබුණා.

පසුව විමර්ශන සඳහා එකල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබුවා.
(colombotimes.lk)