ඩොලරය හමුවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

July 17, 2024 - 2:09 PM
අද (17) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.15ක් වන අතර විකුණුම් මිල රු. 308.46ක් ලෙස සටහන් වනවා.

ඊයේ (16) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.73ක් සහ විකුණුම් මිල රු. 307.05ක් ලෙස සටහන් වුණා.

(lknews)