රුපියල තවත් ඉහළට

July 31, 2024 - 11:20 AM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රු. 297.85ක් සහ ඩොලරයේ විකුණුම් මිල රු. 307.17ක් ලෙස සටහන් වනවා.

ඊයේ (29) ඩොලරයේ ගැනුම් මිල රු. 298.09ක් සහ විකුණුම් මිල රු 307.39ක් ලෙස සටහන් වුණා.

(lknews)