Zelenskyගේ උපන් ගමට රුසියාවෙන් ප්‍රහාර

June 13, 2024 - 2:44 PM
යුක්රේන ජනාධිපති Zelenskyගේ උපන් නගරය වන Kryvyi Rih වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

සාමාන්‍ය මිනිසුන් වාසය කරන නේවාසික ගොඩනැගිල්ලකට ඊයේ (12) මෙලෙස ප්‍රහාරයක් එල්ල වූ බවයි යුක්රේනයේ නීතිපති කාර්යාලය පවසන්නේ.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 29 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

(lknews)