රුසියානු විපක්ෂ නායකයා මිය යයි

February 16, 2024 - 6:51 PM
සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

'Yamalo-Nenets' ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ඔහුව රඳවා සිටියා.

රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.

පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් ඇති බව වාර්තා වනවා.
(lknews.lk)