යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා විනාශ වෙයි

April 06, 2024 - 3:22 PM
දකුණු රුසියාවේ ගුවන් කඳවුරකට යුක්‍රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ ගුවන් යානා 6ක් විනාශ වී ඇති බව සඳහන් වනවා.

එයින් තවත් ගුවන් යානා 8ක් දැඩි ලෙස හානි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියානු නිලධාරීන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරය ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(lknews.lk)