සියලුම ජංගම දුරකථන සිම්පත් නැවත ලියාපදිංචි කරයි

November 11, 2023 - 11:00 AM
ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසුවේ, නැවත ලියාපදිංචි කිරීම ජංගම සේවාවක් ලෙස දීප ව්‍යාප්ත ව සිදු කරන බවයි.

ඒ අනුව ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය කර තිබෙනවා.

මීට අමතරව තම හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වී ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද සඳහන්.

ඒ අනුව #132# අංකය ඇමතීමෙන් මෙම තොරතුරු තහවුරු කර ගත හැකියි.
(lknews.lk)