වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබය තහවුරු කර ගනියි

July 24, 2025 - 12:30 PM
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය අද (24) පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය විසින් තහවුරු කරගෙන තිබෙනවා.

එහිදී සමගි ජන බලවේගයට ඡන්ද 23ක් හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර තේරී පත් වී තිබෙනවා.

(lknews.lk)