SL Vs ENG 3rd Test | ලකුණු 263කට ශ්‍රී ලංකා පළමු ඉනිම සීමා වෙයි

September 08, 2024 - 5:59 PM
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කරගත්තා.

එහිදී නායක ධනංජය ද සිල්වා ලකුණු 69ක්, කමිඳු මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ලකුණු 64 බැගින් රැස් කළා.

තරගයේ තුන්වන දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 211ක්.

පන්දු යැවීමේදී Josh Hull සහ Olly Stone කඩුලු 3 බැගින් ලබා ගත්තා.

එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 326ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් එංගලන්තය සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


(lknews)