SL Vs ENG - Test | පළමු තරගයේ තෙවන දිනය අදයි

August 23, 2024 - 8:59 AM
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (23) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ එංගලන්තයේ Manchesterහීදීයි.

දෙවන දිනය සඳහා ඊයේ (22) දිනයේදී තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 259ක් ලබා ගෙන සිටියා.  

ඊයේ දිනය නිමා වන විට Jamie Smith ලකුණු 72ක් සහ Gus Atkinson ලකුණු 04ක් රැස් කරගෙන කඩුල්ලේ රැදී සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 236ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් මිලාන් රත්නායක ලකුණු 72ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් රැස් කළා.

ඒ අනුව එංගලන්තය මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් සිටිනවා.

(lknews)