SL Vs IND | රතු එළි මැද සිංහයන් අද අවසන් සටනට

July 30, 2024 - 10:03 AM
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (30) පැවැත්වෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 2 - 0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කර අවසන්.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි සඳහන් කළේ ශ්‍රී ලංකා පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවයි.

(xanin.lk)