SL Vs WI Women 2nd T20 | කාසියේ වාසිය කොදෙව් කාන්තාවන්ට

June 26, 2024 - 10:01 AM
කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන T20 තරගය අද (26) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

දෙරට අතර පැවති පළමු T20 තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය මේ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 1 - 0ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන තිබෙනවා.

(lknews)