SL Vs WI Women 2nd T20 | කොදෙව් කාන්තාවන්ට ජය

June 26, 2024 - 2:08 PM
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද (26) පැවති 2වන T20 තරගය DLS ක්‍රමවේදය අනුව කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 89ක් රැස් කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 15කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 15ක් තුළ ලකුණු 99ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයගත්තා.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක 3වන T20 තරගය ලබන 28 වනදා පැවැත්වෙනවා. 

(lknews)