ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ පරදා ජය තහවුරු කර ගනී

January 12, 2024 - 8:23 AM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සහ අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා. 
 
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. 
 
අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවුණා. 
 
කෙසේවෙතත් සිය ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණයි. 
 
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පන්දුවාර 27ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 97ක්.
 
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 97ක් ලබා සිය ජයග්‍රාහණය වාර්තා කළා. 
 
මෙම තරගයේදී වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 07ක් බිඳ දැමූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුළ නොදැවී ලකුණු 66ක් රැස් කිරීම විශේෂත්වයක්.
 
තරගාවලියේ වීරයා ලෙස නවක ක්‍රීඩක ජනිත් ලියනගේ නම් කළ අතර තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබෙනවා.
(lknews.lk)