ස්ටීම් අධ්‍යාපනය මෙරටට

October 17, 2023 - 7:23 PM
ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරට තුළ භාවිත කරයුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා එය සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

එමගින් නිදහසට පෙර යුගවල මෙරට පැවති පැරණි දියුණු තාක්ෂණික හා ශිල්පීය නිපුණතා පුනර්ජීවයට නව මාවත් විවර කරදීමට හැකි වනබව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය සිසුන් අතර ප්‍රවර්ධය කිරීමේ වැඩසටහනකට ජාතික අධ්‍යාපන ආයතනයේදී එක්වෙමින්. 
(lknews.lk)