සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සායනික පුහුණු වෙනුවෙන් ගිවිසුම්ගත වෙයි

December 11, 2023 - 10:51 AM
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණු ලබා දීම සදහා ඊට අදාළ ගිවිසුම්ගත වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර සිදුව තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කෙරුණ බවයි සඳහන් වන්නේ. ‍

වෛද්‍ය සිසුන්හට සායනික පුහුණුවීම් ලබාදෙන විට ඊට අදාළ ප්‍රමිතීන් පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්ණායක වලට අනුකූල විය යුතු අතර ඊට අදාළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතාවය මෙහිදී පළ කර තිබුණා.
(lknews.lk)