සචිත්‍රට ඇප

September 25, 2023 - 3:18 PM
තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ, සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන්.

එමෙන්ම සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
(lknews.lk)