සචිත්‍රගේ කටහඬ පරීක්ෂණය අද ඉදිරිපත් කෙරේ

September 13, 2023 - 10:19 AM
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද (13) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කට හඬ පරීක්ෂා කිරීම සඳහා අද පෙරවරුවේ ඔහු මෙලෙස රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 06 වැනිදා නියෝග කළා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සචිත්‍ර සේනානායක මහතා රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2020 වසරේදී පවත්වන ලද ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට පෙළඹවීමක් කරන ලදැයි චෝදනාව ඔහුට එල්ල වුණා.

ඒ යටතේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙර තිබෙනවා.
(lknews.lk)