ඉන්දියාවේ කුංකුම නිෂ්පාදනය දිනෙන් දින පහළ යයි

December 01, 2023 - 11:48 AM

ඉන්දියාවේ කාශ්මීරයේ හිමෙන් වැසී ගිය කඳුවලට යටින් පිහිටා ඇති පම්පෝර් නගරය කුංකුම සඳහා ඉතා ප්‍රසිද්ධ කලාපයක්.

පම්පෝර් ප්‍රදේශය ඉන්දියාවේ කුංකුම සඳහා වන මධ්‍යස්ථානය ලෙසත් හඳුන්වනවා.

කුංකුම ඉතා වටිනා කුළුබඩුවක් වන අතර එය Red gold නොහොත් රතු රන් ලෙසින්ද හඳුන්වන බව සඳහන්.

Crocus ශාකයෙන් ලබාගන්නා, කුංකුම කිලෝවක් ඩොලර් 1,500 පමණ වනවා.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී Crocus මල් පිපෙන අතර සරත් සෘතුවේ දී අස්වැන්න නෙලීම ආරම්භ කරනවා.

Crocus මලේ කලංක ලෙස හැඳින්වෙන තද රතු රේණු, ඉවත් කර කුංකුම සෑදීමට වියළන බවයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ කුංකුම නිෂ්පාදනයෙන් 90% ක් පමණ පැමිණෙන්නේ කාශ්මීරයෙන් වන අතර එය සියවස් ගණනාවක් තිස්සේ සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුංකුම නිෂ්පාදකයින්ට අනුව කුංකුම කිලෝග්‍රෑම් 1 ක් නිෂ්පාදනය කිරීමට මල් 200,000 ත් 300,000 ත් අතර ප්‍රමාණයක් භාවිතා කරනවා.

එමෙන්ම මේ වනවිට කුංකුම නිෂ්පාදනය බිඳවැටී අතර ඊට හේතුව වන්නේ වතුවල ඵලදායීතාව අඩුවීම බවයි නිෂ්පාදකයින් සඳහන් කරන්නේ.

ඉතා සංවේදී ශාකයක් වන Crocus වර්ෂාපතනයේ වඩාත් අක්‍රමවත් රටා සහ ඉහළ යන වායු ගෝලීය උෂ්ණත්වය මේ සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා.

කුංකුම වගාව ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ ඉදිරියට මෙම තත්ත්වය තවත් දුෂ්කර වී ඇති බවයි.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ කුංකුම නිෂ්පාදනය සඳහා වෙන කළ කළ ඉඩම් ප්‍රමාණය අඩු වී ඇති අතර 1996 දී හෙක්ටයාර 5,700ක් පමණ වගාවට ලබා දුන් බවත් 2020 වන විට එය 1,120 දක්වා පහත වැටී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
(lknews.lk)