රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මේ වසරේ වැඩි නොවෙයි

July 06, 2024 - 6:05 PM
මෙම වර්ෂයේදී රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි වීමක් සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරියේදී මැතිවරණ කාල සීමාවක් එළඹීම හේතුවෙන් වැටුප් වැඩි කළ නොහැකි බවයි.

වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

(lknews)