කෝප් සභාපතිට එරෙහිව විශ්වාසභංගයක්

November 18, 2023 - 11:31 AM
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඉදිරි සතිය තුළ එම විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දීමට නියමිතයි.  

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සමගි ජන බලවේගය විසින් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
(lknews.lk)